AI කියන එක නතර කරන්නැයි ට්‍රම්ප්ගෙන් බලවත් ඉල්ලීමක්..
Wednesday, 23 September 2026 - 22:19 | Views - 40
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය" (Super Intelligence – SI) ලෙස හැඳින්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විප්ලවීය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

"Artificial Intelligence" යන වචනය මගින් මෙම උසස් තාක්ෂණය ව්‍යාජ හෝ බොරු එකක් ලෙස හැඟවෙන බව නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී අමෙරිකානු රාජ්‍ය ලේඛනවල පමණක් නොව ලොව පුරාම "Artificial" වෙනුවට "Super" යන වචනය භාවිත කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

පසුගිය සතියේ සිය Truth Social ගිණුම හරහා AI සඳහා "Superior Intelligence", "Extreme Intelligence" සහ "Supreme Intelligence" වැනි නව නම් කිහිපයක් පිළිබඳව ජනතාවගෙන් මත විමසුමක්ද සිදුකර ඇති අතර, එහිදී "Super Intelligence" යන නම වැඩි කැමැත්තක් ලබාගෙන ඇති බව BBC පුවත් සේවය වාර්තා කළා.

කෙසේ වෙතත්, "Super Intelligence" යන යෙදුම දැනට පවතින AI පද්ධති සඳහා භාවිත කිරීම නොමග යවන සුළු බව මෙල්බර්න් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලවල පරිගණක විද්‍යා හා ඩිජිටල් ආචාරධර්ම පිළිබඳ විශේෂඥයින් සඳහන් කර තිබෙනවා.

මන්ද තාක්ෂණ ක්ෂේත්‍රය තුළ එම යෙදුම භාවිත කරන්නේ මිනිසාගේ හැකියාවන් සෑම අංශයකින්ම අභිබවා යන ඉතා උසස් බුද්ධි පද්ධතියක් හැඳින්වීමටයි.

තාක්ෂණික විශේෂඥයින්ගේ විවේචන කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ සමීපතමයන් දැනටමත් මෙම "Super Intelligence" යන යෙදුම භාවිත කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top