කඩදාසි සංස්ථාවේ සභාපතිගේ කැබ් රථය සහ රියදුරු අතුරුදන්.. ගරාජ් එකට පෙන්නලා ඒ ගමන්ම අතුරුදහන් වෙලා..
Wednesday, 23 September 2026 - 16:39 | Views - 50
කඩදාසි සංස්ථාවේ සභාපතිවරයාගේ නිල කැබ් රථය සහ එහි සේවය කළ රියදුරුවරයා එකවරම අතුරුදන්ව ඇති බවට වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

කොළඹ 06 ස්ටැෆ්ඩ් පාරේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සිට සභාපතිවරයාව කාර්යාලය වෙත කැඳවාගෙන ඒම සඳහා කඩවත පිහිටි ඔහුගේ නිවස බලා යමින් සිටියදී මෙලෙස රියදුරු අතුරුදන්ව ඇති බව පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වුණා.

නියමිත වේලාවට කැබ් රථය නිවසට නොපැමිණීම හේතුවෙන් සභාපතිවරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී විමසීමේදී, රථයේ ඉන්ධන කාන්දුවක් ඇති බව රියදුරු විසින් පවසා තිබෙනවා.

ඒ අනුව කඩවත ප්‍රදේශයේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට රථය පෙන්වන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර, රියදුරු එම ස්ථානයට ගොස් පරීක්ෂා කරද්දී කිසිදු දෝෂයක් නොමැති බව කාර්මිකයින් ප්‍රකාශ කර ඇති බව පසුව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් සවස 04.00 වන තෙක් රියදුරු කාර්යාලයට නොපැමිණි අතර ඔහුගේ දුරකථනයද ක්‍රියා විරහිත කර තිබූ බැවින්, කඩදාසි සංස්ථාවේ ප්‍රවාහන කළමනාකරු වන සමන් ප්‍රියංකර ප්‍රනාන්දු විසින් මේ පිළිබඳව වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ රාගම, කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top