අනුරාධපුරයේ යුවලකට අයත් රුපියල් මිලියන 40ක වත්කම් අත්හිටුවයි.. දින 14කට දේපළ ක්‍රියාවිරහිත කෙරේ..
Wednesday, 23 September 2026 - 14:32 | Views - 39
අනුරාධපුර, පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකට අයත් රුපියල් මිලියන 40කට අධික වටිනාකමකින් යුත් දේපළ දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් නීති විරෝධී මුදලින් මෙම දේපළ හා වත්කම් උපයාගෙන ඇති බවට ලද තොරතුරු මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මෙම විශේෂ විමර්ශනය සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

මෙලෙස දේපළ තහනමට ලක්ව ඇත්තේ පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකුට සහ ඔහුගේ 45 හැවිරිදි බිරිඳට අයත් ඉඩකඩම් සහ වෙනත් දේපළයි.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් අදාළ සැකකරු සහ සැකකාරියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු දැඩි ලෙස ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top