අනුරාධපුරයේ යුවලකට අයත් රුපියල් මිලියන 40ක වත්කම් අත්හිටුවයි.. දින 14කට දේපළ ක්‍රියාවිරහිත කෙරේ..
අනුරාධපුර, පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකට අයත් රුපියල් මිලියන 40කට අධික වටිනාකමකින් යුත් දේපළ දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් නීති විරෝධී මුදලින් මෙම දේපළ හා වත්කම් උපයාගෙන ඇති බවට ලද තොරතුරු මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මෙම විශේෂ විමර්ශනය සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
මෙලෙස දේපළ තහනමට ලක්ව ඇත්තේ පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකුට සහ ඔහුගේ 45 හැවිරිදි බිරිඳට අයත් ඉඩකඩම් සහ වෙනත් දේපළයි.
මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් අදාළ සැකකරු සහ සැකකාරියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු දැඩි ලෙස ක්‍රියාත්මක කරනු ලබනවා.