කිසිවක් ආනයනය නොකර බිලියන 24.8ක් පිටරටට පන්නපු හැටි.. සැකකරු කොටිකාවත්තේදී කොටු වෙයි.
Wednesday, 23 September 2026 - 13:47 | Views - 39
පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේ සිට මාස 11ක කාලයක් තුළ කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් ආනයනය නොකර, ව්‍යාජ ආයතන 6ක් හරහා රුපියල් බිලියන 24.8කට අධික අමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් විදේශ ගිණුම් වෙත නීති විරෝධී ලෙස යොමු කළ බවට සැකපිට පුද්ගලයෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අතිවිශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිස් නිලධාරීන් විසින් සැකකරු කොටිකාවත්ත ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා.

සූක්ෂම ලෙස ආයතන හයක් යොදාගනිමින් කිසිදු ආනයන කටයුත්තක් සිදු නොකර මෙලෙස මෙරටින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටවල පිහිටි ගිණුම් වෙත යවා ඇති ආකාරය පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමුව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින අතර, මෙම මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සහ පසුපස සිටින ප්‍රබලයින් සොයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top