බන්ධනාගාරය ඇතුළේ පාතාලයේ ලොක්කන් දෙන්නෙක් ගැටෙයි.. හදිසියේම හටගත් පාතාල ගැටුමේ ඇත්තම විස්තරය..
Wednesday, 23 September 2026 - 0:29 | Views - 32
බන්ධනාගාරය තුළ තද ආරක්ෂාව මැද රඳවා සිටියදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' සහ මන්දිනු පද්මසිරි හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' අතර හදිසි ගැටුමක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම පහරදීමෙන් සුළු තුවාල ලැබූ කෙහෙල්බද්දර පද්මේ ප්‍රතිකාර සඳහා ප්‍රථමයෙන් වැලිසර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා.

බන්ධනාගාර පරිශ්‍රය තුළ මෙවැනි ප්‍රබල අපරාධකරුවන් දෙදෙනෙකු අතර මෙවැනි ගැටුමක් හටගත්තේ කෙසේද යන්න පිළිබඳව බන්ධනාගාර බලධාරීන් විසින් මේ වන විටත් වැඩිදුර විශේෂ විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top