චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙයි.. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට හිමිවන දඬුවම් මොනවාද?
Tuesday, 22 September 2026 - 23:42 | Views - 24

අවුරුදු ගණනාවක් තිස්සේ මුළු රටම දැඩි අවධානයකින් බලා සිටි, සමස්ත ශ්‍රී ලංකාවම කම්පනයට පත් කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන නඩුවේ ඓතිහාසික තීන්දුව අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කර සිටියා.
දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේදී නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත් වී ඇති බව විනිසුරු මඬුල්ල තීරණය කළා.
ඒ අනුව මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙකු වන නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු තමන්ට එල්ල වී තිබූ සියලු චෝදනාවලට වරදකරුවන් බවට අධිකරණය තීන්දු කළා (කෙසේ වෙතත් 10 වැනි විත්තිකරු 16 වැනි චෝදනාවෙන් පමණක් නිදොස් කොට නිදහස් කර තිබෙනවා).
එමෙන්ම, මෙම නඩුවේ සිටි තවත් විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම නිසා ඔවුන් 9 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා.
සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
වරදකරුවන් වූ 15 දෙනාට හිමිවන දඬුවම් නියම කිරීම සඳහා අධිකරණ කටයුතු තාවකාලිකව විනාඩි 10කට කල් තබා තිබෙනවා.
Share This Article