බඹර ප්‍රහාරයකින් කම්කරුවෙක් මරුට.. ලිඳුල ඕල්ට්‍රීම් වතුයායෙන් ඇසෙන අවාසනාවන්ත පුවත..
Monday, 21 September 2026 - 15:27 | Views - 31
ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසකට අද (21) අවාසනාවන්ත ලෙස එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් එක් කම්කරුවෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ලිඳුල පොලිසිය සනාථ කර සිටිනවා.

වතුයායේ සාමාන්‍ය පරිදි සේවයේ නිරත වී සිටි කම්කරුවන් 8 දෙනෙකුට එකවරම මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වුණා.

එහිදී බරපතල ලෙස තුවාල ලැබූ එක් කම්කරුවෙකු වහාම ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ ලෙන් තෝමස් කොටසේ පදිංචිව සිටි කේ. සුබ්‍රමණියම් නමැති 77 හැවිරිදි තිදරු පියෙකි.

මේ අතර බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු කම්කරුවන් හත්දෙනා ලිඳුල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නැවත පිටව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top