අවුරුදු 132ක් ප්‍රමාද වූ සඟරාවක් නැවත ලැබුණු පුස්තකාලය.. අමෙරිකාවේ කොන්කෝඩ් පුස්තකාලයම කැළඹූ සිදුවීම..
Monday, 21 September 2026 - 15:04 | Views - 30
වසර 132කට පෙර, එනම් 1894 වසරේදී ලබාගත් සඟරාවක් අමෙරිකාවේ නිව් හැම්ප්ෂයර් හි පිහිටි ප්රකට කොන්කෝඩ් මහජන පුස්තකාලය (Concord Public Library) වෙත නැවත භාරදීමේ අපූරු පුවතක් වාර්තා වුණා.
 
'The Century Illustrated Monthly Magazine' නමැති මෙම සඟරාවේ 1894 සැප්තැම්බර් කලාපය මෙලෙස නැවත භාරදී තිබෙන්නේ නියමිත දින සිට දින 48,220ක් තරම් දීර්ඝ කාලයක් ප්රමාද වීමෙන් පසුවයි.

සාමාන්ය දඩ මුදල් ක්රමය අනුව නම් මෙම සඟරාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 12,055ක (පවුම් 8,950ක පමණ) දැවැන්ත දඩයක් අයවිය යුතුව තිබුණා.

ජෝන් නමැති පුද්ගලයෙකු විසින් මෙම සඟරාව පුස්තකාලයට භාරදී ඇති අතර, දශක ගණනාවක් තිස්සේ මෙම සඟරාව තමාගේ නිවසේ තිබුණද එය නිවසට ආවේ කෙසේදැයි තමා නොදන්නා බව ඔහු පවසා තිබෙනවා.

මාද දඩ මුදල් අහෝසි කිරීමේ විශේෂ සහන කාලයක් ප්රකාශයට පත් කරමින් පුවත්පතක පළ වූ වාර්තාවක් දැකීමෙන් පසුව ඔහු මෙය නැවත භාරදීමට තීරණය කර තිබෙනවා.

"දඩ නැති පුස්තකාලයක" ප්රයෝජන අධ්යයනය කිරීම සඳහා කොන්කෝඩ් මහජන පුස්තකාලය විසින් 2026 සැප්තැම්බර් 01 වැනිදා සිට වසරක කාලයක් සඳහා ප්රමාද දඩ අහෝසි කිරීමේ සහන කාලයක් ලබාදී තිබුණා.

ප්රමාද වූ පොත් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළත් 19 වන සියවස අගභාගයේ සඟරාවක් ලැබෙතැයි කිසිසේත්ම උපකල්පනය නොකළ බව මේ පිළිබඳව ෆේස්බුක් හි සටහනක් තබමින් පුස්තකාල පාලනාධිකාරිය සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම දුර්ලභ සඟරාව නැවත සාමාන්ය පරිශීලනය සඳහා නිකුත් නොකරන අතර, එය ප්රදේශයේ ඓතිහාසික තොරතුරු වෙනුවෙන් වෙන් කර ඇති පුස්තකාලයේ 'කොන්කෝඩ් කුටිය' (Concord Room) හි තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top