අයහපත් කාලගුණය නිසා පාසල් 38ක් වසා තැබෙයි.. අධ්‍යාපන අමාත්‍යාංශය ගත් හදිසි තීරණය..
Monday, 21 September 2026 - 12:13 | Views - 43
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (21) වන විට පාසල් 38ක් නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති නිල වාර්තාවලට අනුව, මෙලෙස වසා තබා ඇති පාසල් අතුරින් පාසල් 35ක්ම අයත් වන්නේ මධ්‍යම පළාතටයි.
ඊට අමතරව සබරගමුව, දකුණ සහ බස්නාහිර යන පළාත්වලද එක් පාසල බැගින් අයහපත් කාලගුණය හේතුවෙන් වසා තබා ඇති බව පළාත් අධ්‍යාපන බලධාරීන් අමාත්‍යාංශයට තහවුරු කර තිබෙනවා.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියට පාසල් පවත්වාගෙන යාම හෝ වසා තැබීම සම්බන්ධයෙන් ක්ෂණික තීරණ ගැනීමේ සම්පූර්ණ බලය සහ වගකීම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පවරා තිබෙනවා.
Share This Article