පාකිස්ථානය දණගස්වමින් සිංහධේනුවෝ ආසියානු රන් පදක්කම් සටනට.. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සුබ ආරංචියක්..
ජපානයේ නිෂ්ෂින් නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අතිදැවැන්ත ප්‍රීතිමත් පුවතක් වාර්තා වනවා.
ඒ, කාන්තා ක්‍රිකට් තරගාවලියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම හඬවමින් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 177ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කළා.
කෙසේ වෙතත්, එම දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා සිංහධේනුවෝ පාකිස්ථාන පන්දු යවන්නියන්ට කිසිදු ඉඩක් නොතබමින් ප්‍රහාරාත්මක ලෙස ක්‍රීඩා කළා.
අවසානයේ පන්දුවාර 17යි පන්දු 5ක් පමණක් වැය කරමින්, කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 178ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙකී අභීත ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම උදෙසා පැවැත්වෙන අවසන් මහා තරගයට නිල වශයෙන් සුදුසුකම් ලබාගෙන තිබෙනවා.