"ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයි" අදත් තැන් දෙකක ජනපති ප්‍රධානත්වයෙන් ජන රැලි..
"ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයි" යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන දැවැන්ත ජන රැළි මාලාවේ තවත් ජනහමු දෙකක් අද (20) දිනයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
මෙම ප්‍රධාන ජන රැළි දෙක අද දිනයේදී පැවැත්වෙන්නේ අකුරැස්සේදී සහ වැලිගමදීයි. ආණ්ඩුවේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ජනතාව හමුවේ තැබීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති මෙම ජන රැළි සඳහා විශාල ජනකායක් සහ දේශපාලන නායකයන් රැසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වුණා.
අද පැවැත්වෙන මෙම විශේෂ ජන රැළි දෙකත් සමගින් දකුණු පළාතේ දේශපාලන කරළිය දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.