අයහපත් කාලගුණයත් සමග කඳුකරයේ නායයෑම් අවදානම ඉහළට.. අවධානයෙන් සිටිය යුතු ප්‍රදේශ මෙන්න.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ (Level 2) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශයේ ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දුන්නා.
ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහා ප්‍රථම මට්ටමේ (Level 1) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
නායයෑම්, පස්කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, හදිසි නායයෑම් පූර්ව ලක්ෂණ මතු වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත් අදාළ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.