ප්‍රදේශ රැසකට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි.. අද දිනයේ කාලගුණයේ වෙනස්කම් රැසක්..
Sunday, 20 September 2026 - 11:40 | Views - 40
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (20) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සහ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවිය හැකියි.

විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතිනවා.

ඊට අමතරව, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top