රත්තරන් නගින නගින ගානට රන් පවුමත් අහස උසට.. ලෝක වෙළෙඳපොළේ රන් මිල නැවතත් ඉහළට..
ජාත්‍යන්තර සහ දේශීය වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් නොනවත්වා ඉහළ අගයක පවතින බව වාර්තා වනවා.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ අද රන් අවුන්සයක මිල ඩොලර් 4,377යි ශත 91ක් ලෙස සටහන් වී ඇති අතර, එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.4ක (0.4%) ඉහළ යාමක්.
ලෝක වෙළෙඳපොළේ මෙම මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේද රන් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 375,000ක් ලෙස සටහන් වූ අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 345,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.