බොලිවියාවේ වනාන්තරයකින් හමුවූ නව වල් බළල් විශේෂය.. මුළු බළල් පවුලේම ඉතිහාසය වෙනස් කළ 'ටිග්‍රිනෝ'..
Saturday, 19 September 2026 - 16:38 | Views - 37
බොලිවියාවේ ඝන වනාන්තර ප්‍රදේශයකින් නව වල් බළල් විශේෂයක් (Wild Cat Species) සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.

සාමාන්‍ය ගෘහස්ථ බළලෙකුගේ ප්‍රමාණයට සමාන මෙම සත්ත්වයා 'ලියෝපාර්ඩස් ටිල්කායෝ' (Leopardus tilcayo) ලෙස නම් කර තිබෙනවා.

අනෙකුත් වල් බළලුන්ගේ සමීප ලක්ෂණ සහ රටාවන් පැවතීම නිසා මින් පෙර මෙම විශේෂය වෙනත් සතුන් ලෙස වරදවා වටහාගෙන තිබුණද, මෑතකදී සිදු කරන ලද DNA පරීක්ෂණ මගින් මෙය සම්පූර්ණයෙන්ම වෙනස් නව විශේෂයක් බව තහවුරු වී තිබෙනවා.

විශේෂම කාරණය වන්නේ මෙම නව විශේෂයට අයත් ලොව දැනට ජීවත්ව සිටින එකම එක සත්ත්වයෙකු පමණක් බොලිවියාවේ වනජීවී රක්ෂිතයක රැඳී සිටීමයි.

'ටිග්‍රිනෝ' (Tigrino) ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන වයස අවුරුදු 10ක් වන මෙම බළලා මුලදී දේශීය ගෘහස්ථ බළල් පැටවෙකු ලෙස සිතා ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට හමුවී ඇති අතර, සත්ත්වයා වැඩෙත්ම එහි හැසිරීම් රටා වෙනස් වීමත් සමග විද්‍යාඥයන්ගේ අවධානය ඒ වෙත යොමුවී තිබෙනවා.

'Current Biology' සඟරාවේ පළ කරන ලද මෙම නව අධ්‍යයනයට අනුව, ටයිගර් කැට් (Tiger Cat) කාණ්ඩයට අයත් විශේෂ සංඛ්‍යාව තුනේ සිට පහ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වනාන්තර එළිපෙහෙලි කිරීම්, වාසභූමි අහිමි වීම් සහ නීති විරෝධී දඩයම් කිරීම් හේතුවෙන් මෙම සතුන් වඳ වී යාමේ දැඩි තර්ජනයට මුහුණ දී සිටින බව පෙන්වා දෙන පර්යේෂකයෝ, මෙම සොයාගැනීමත් සමඟ ලොව පුරා පිළිගත් සමස්ත බළල් විශේෂ (Felidae Family) සංඛ්‍යාව 41 සිට 44 හෝ 45 දක්වා ඉහළ යනු ඇති බවද සඳහන් කරනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top