ආසියානු ක්‍රීඩා උළෙලට රුමේෂ් තරංග අද රාත්‍රියේ ජපානයට.. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබෙන විශේෂ හෙල්ල කට්ටලය කඩිනමින් ජපානයට..
ජපානයේදී ආරම්භ වන මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තුවක් වන ප්‍රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අද (19) රාත්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රුමේෂ් වෙනුවෙන් ලබාදෙන විශේෂ හෙල්ල කට්ටලය (Javelin Set) කඩිනමින් ජපානයට ලැබීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න සඳහන් කළා.
තරගාවලියට පෙර ඔහුට අවශ්‍ය පුහුණුවීම් කටයුතු වෙනුවෙන් මෙම උපකරණ කට්ටලය ලබාදීම විශේෂත්වයක්.
ආසියානු ක්‍රීඩා උළෙලේ රුමේෂ් තරංග තරග වදින හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මූලික වටයේ තරගය එළඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙරටට විශාල අභිමානයක් ගෙන ඒමට සූදානම් වන රුමේෂ්ගේ මෙම තරග සංචාරය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා.