එංගලන්තයට එරෙහි අවසන් විස්සයි විස්ස සටන අද රාත්‍රියේ.. අමිහිරි පරාජයන් දෙකකට පසු ශ්‍රී ලංකා පිල අද පිටියට..
Saturday, 19 September 2026 - 15:23 | Views - 54
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (19) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන මෙම තීරණාත්මක තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත් වූ එංගලන්ත කණ්ඩායම මේ වන විටත් 2ට 0ක් ලෙස තරගාවලියේ ජය තමන් සතු කරගෙන අවසන්.

පළමු තරග දෙකේදීම දැඩි අමිහිරි පරාජයන්ට මුහුණ දීමට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය අතුගෑවී යාමෙන් බේරී තමන්ගේ ගෞරවය රැක ගැනීමට නම් අද පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමට සිදු වෙනවා.

මේ අතර, එංගලන්තය සමග පැවැති පන්දුවාර 20 තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්සයි නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් සහ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඊයේ දිනයේදී එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනා ඉදිරියේදී ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය හා එක්වීමට නියමිතව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top