සේවකයන් ජීවිත පරදුවට තබා කළ අභීත සටන.. ත්‍රිකුණාමලයේ බාර් එකෙන් මුදල් කොල්ලකන්න ආපු දෙදෙනාට වැඩ වරදී..
Saturday, 19 September 2026 - 14:57 | Views - 32
ත්‍රිකුණාමලය, අනුරාධපුර හංදියේ පිහිටි මත්පැන් අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකුගේ උත්සාහය එහි සේවකයන්ගේ නිර්භීත ක්‍රියාකලාපය නිසා ව්‍යර්ථ වී තිබෙනවා.

ඊයේ (18) රාත්‍රී 9.45ට පමණ යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු එකවරම මත්පැන් අලෙවිසලට කඩාවැදී මුදල් කොල්ලකා පලා යාමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ මත්පැන්හලේ සේවකයන් දැඩි උත්සාහයක් යොදමින් මුදල් බෑගය සමග එක් කොල්ලකරුවෙකු අල්ලා ගැනීමට සමත් වී තිබෙනවා.

එහිදී කලබල වූ අනෙක් කොල්ලකරු තමන් ළඟ තිබූ ගිනිඅවියෙන් සේවකයන් වෙත වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර, වාසනාවකට මෙන් ඔහුගේ ඉලක්කය වැරදී ගොස් තිබුණා.

පසුව බියට පත් වූ කොල්ලකරුවන් දෙදෙනාම යතුරුපැදියෙන් අනුරාධපුර පාර ඔස්සේ පලා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී, මිහිඳුපුර ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක සැඟව සිටි සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

අදාළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රීයව සිදු කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top