අධිවේගයේ යන සියලුම මගීන්ට ආසන පටි අනිවාර්ය කෙරේ.. ආසන පටි නොපැලඳ ගියොත් වැඩ වරදින ලකුණු..
Saturday, 19 September 2026 - 14:46 | Views - 45
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් නව රථවාහන නීති මාලාවක් ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්ය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම රථවාහනවල සෑම ආසනයකම ගමන් ගන්නා මගීන් ආසන පටි පැලඳීම මින් ඉදිරියට අනිවාර්ය කර තිබෙනවා.

මෙම ආසන පටි පැළඳීමේ නීතිය අදියර 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර, එහි පළමු අදියර පසුගිය වසරේ ජුනි පළමු වැනිදා සිට ආරම්භ වුණා.

එමගින් සියලුම මාර්ගවල ධාවනය කරන බස් රථවල රියැදුරන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කෙරුණු අතර, දෙවැනි අදියර යටතේ සියලුම අධිවේගී මාර්ගවල ධාවනය කරන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල ගමන් කරන මගීන්ටද ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබුණා.

මේ සඳහා වාහන හිමියන්ට සහ මගීන්ට ලබා දී තිබූ සහන කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, ඒ අනුව අද සිට අධිවේගී මාර්ගයට ඇතුළු වන සියලුම මගීන් මෙම නීතියට අනුගත විය යුතුයි.

ආරක්ෂාව වෙනුවෙන් පනවන ලද මෙම නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගැනීමටද ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top