වෙළෙඳපොළේ මත්ස්‍ය මිල පහළට.. ප්‍රදේශ රැසකින් මත්ස්‍ය තොග ලැබීම වැඩි වෙයි..
මෙරට වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින්ම මත්ස්‍ය තොග වැඩි වශයෙන් ලැබීම මෙලෙස මාළු මිල පහළ යාමට ප්‍රධානතම හේතුව බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි සඳහන් කළා.
ඒ අනුව, අද දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ලින්නා කිලෝවක තොග මිල රුපියල් 800ක් ලෙස සටහන් වූ අතර, බලයා කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිලකට අලෙවි වන බව වාර්තා වෙනවා.
ඉදිරි දිනවලදීත් මත්ස්‍ය තොග ලැබීම මත මෙම මිල ගණන් තවදුරටත් වෙනස් විය හැකි බව වෙළෙඳ සංගමය වැඩිදුරටත් කියා සිටිනවා.