දානමය පින්කම් පවා අවසන් කළ පසු නිවසට ආ අමුත්තා.. මියගියා යැයි සිතා භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට එයි..
Friday, 18 September 2026 - 16:05 | Views - 50
ජීවිතක්ෂයට පත් වූ බව සිතා භූමදාන කටයුතු මෙන්ම සාංඝික දානමය පින්කම් පවා සිදුකළ පුද්ගලයෙකු මාස දෙකකට ආසන්න කාලයකට පසු නැවත පණපිටින් නිවසට පැමිණීමේ විශ්මයජනක පුවතක් කොකාවැව පොලිස් වසමෙන් වාර්තා වුණා.

මීට මාස දෙකකට පමණ පෙර හදිසියේම අතුරුදන් වූ මෙම පුද්ගලයා, මීට ඉහතදීත් දින කිහිපයකට නිවසින් පිටව ගොස් නැවත පැමිණීමේ පුරුද්දක් සතුව තිබීම නිසා පවුලේ අය මුලදී ඒ පිළිබඳව උනන්දු වී නැතත්, සතියකට වඩා කාලයක් ගතවීමෙන් පසු බිරිඳ විසින් කොකාවැව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඉන් පසු දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව හබරණ පොලිස් වසමේ රක්ෂිතයක තිබී වස පානය කර මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවූ බවට අගෝස්තු 27 වනදා කොකාවැව පොලිසියෙන් ලද තොරතුරකට අනුව පවුලේ ඥාතීන් එම සිරුර පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී අදාළ මළසිරුරේ තිබූ ඇඳුම්, තම පුතු විසින් අලුත් අවුරුද්දට පියාට අරන් දුන් ඇඳුම්වලට සමාන වීම නිසා එය තම සැමියාගේම සිරුර බවට බිරිඳ ඇතුළු ඥාතීන් විසින් තහවුරු කරගෙන තිබුණා.

ඒ අනුව අගෝස්තු 31 වන දින පොළොන්නරුව ප්‍රදේශයේදී අදාළ සිරුර භූමදානය කර, ආගමික වතාවත්වලට අනුව සාංඝික දානමය පුණ්‍යකර්ම ද සැප්තැම්බර් 06 සහ 07 දිනවල සිදු කිරීමට පවුලේ අය කටයුතු කළා.

කෙසේ වෙතත්, මියගිය බවට පවුලේ සැවොම විශ්වාස කළ මෙම පුද්ගලයා හදිසියේම බස් රථයකින් තම නැගණියගේ නිවසට පැමිණ ඇති අතර, ඒ පිළිබඳව ලද ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිවසේ පිරිස මේ පිළිබඳව කොකාවැව පොලිස් ස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස පණපිටින් පැමිණි පුද්ගලයා සම්බන්ධයෙන් මෙන්ම, මීට පෙර භූමදානය කරන ලද්දේ කාගේ මළසිරුරක්ද යන්න පිළිබඳව සොයා බැලීමට කොකාවැව පොලිසිය මගින් ඉදිරි විමර්ශන කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top