හෙල්ලයේ එල්ලයෙන් මෙරට නාමය බැබලවූ රුමේෂ් තරංග ලොව හොඳම මලල ක්‍රීඩකයන් අතර 13 වැනි තැනට..
Friday, 18 September 2026 - 14:52 | Views - 41
හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා නාමය ලොවක් ඉදිරියේ බැබලවූ ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩක රුමේෂ් තරංග, ලෝක මලල ක්‍රීඩා සංගමයේ (World Athletics) නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව තුළ තවත් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

එම සංගමය මගින් සිදුකරන ලද නවතම යාවත්කාලීන කිරීමට අනුව, ලොව සියලුම මලල ක්‍රීඩකයින් ඇතුළත් සමස්ත පොදු කාණ්ඩය (Overall World Ranking) තුළ රුමේෂ් තරංග මීට පෙර රැඳී සිටි 25 වැනි ස්ථානයේ සිට 13 වැනි ස්ථානය දක්වා දැවැන්ත පිම්මක් ලබා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්.

මෙම පොදු කාණ්ඩය තුළ සමස්ත ආසියාවෙන්ම ඉහළින්ම රැඳී සිටින එකම ආසියානු මලල ක්‍රීඩකයා බවට පත්වීමට ද රුමේෂ්ට හැකියාව ලැබී තිබෙනවා.

එමෙන්ම හෙල්ල විසිකිරීමේ (Javelin Throw) විශේෂිත ඉසව්ව වෙනුවෙන් වෙන් වූ ලෝක ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ලොව අංක එකේ ක්‍රීඩකයා (World No. 1) ලෙස තම සුපිරි ස්ථානය රැකගැනීමට ද රුමේෂ් තරංග සමත් වුණා.

එහි දෙවැනි ස්ථානය ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ටත්, තුන්වැනි ස්ථානය ජර්මනියේ ජූලියන් වෙබර්ටත් හිමිව ඇති අතර, රුමේෂ් තැබූ මෙම ජාත්‍යන්තර දක්ෂතාව මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක්වූ තවත් රන්මය පරිච්ඡේදයක්.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top