සැප්තැම්බරයේ මුල් සති දෙකේ සංචාරක පැමිණීම 74,637 දක්වා ඉහළට.. වසරේ සමස්ත සංචාරකයින් ගණන මිලියන 1.6 පනී.
Thursday, 17 September 2026 - 21:41 | Views - 39
මේ මාසයේ (සැප්තැම්බර්) මුල් සති දෙක තුළ පමණක් විදේශීය සංචාරකයින් 74,637 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නවතම තත්ත්වය පිළිබඳව නිල දත්ත වාර්තා නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවන්ට අනුව, මෙම වසර තුළ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,609,759ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය මෙරට ආර්ථිකයට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියට ද යහපත් ප්‍රවණතාවයක් පෙන්නුම් කරන කරුණක්.

කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු මාසය තුළ සංචාරකයින් 191,704 දෙනෙකු මෙරටට පැමිණ තිබූ අතර, එය ඊට පෙර වසරේ අගෝස්තු මාසයේ සංචාරක පැමිණීමට සාපේක්ෂව සියයට 3.3ක පහළ යෑමක් ලෙසයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top