සැප්තැම්බරයේ මුල් සති දෙකේ සංචාරක පැමිණීම 74,637 දක්වා ඉහළට.. වසරේ සමස්ත සංචාරකයින් ගණන මිලියන 1.6 පනී.
Thursday, 17 September 2026 - 21:41 | Views - 40
මේ මාසයේ (සැප්තැම්බර්) මුල් සති දෙක තුළ පමණක් විදේශීය සංචාරකයින් 74,637 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නවතම තත්ත්වය පිළිබඳව නිල දත්ත වාර්තා නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවන්ට අනුව, මෙම වසර තුළ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,609,759ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙය මෙරට ආර්ථිකයට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියට ද යහපත් ප්‍රවණතාවයක් පෙන්නුම් කරන කරුණක්.
කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු මාසය තුළ සංචාරකයින් 191,704 දෙනෙකු මෙරටට පැමිණ තිබූ අතර, එය ඊට පෙර වසරේ අගෝස්තු මාසයේ සංචාරක පැමිණීමට සාපේක්ෂව සියයට 3.3ක පහළ යෑමක් ලෙසයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article