විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක්.. දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට..
Thursday, 17 September 2026 - 21:26 | Views - 38
විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටි නෙළුම්වැවේ කුඹුක් ගස් සිය ගණනක් ගිනි තබා විනාශ කිරීමේ අතිශය සාහසික අපරාධය යටගැසීමට, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කඩිමුඩියේ නෙළුම්වැවට වතුර පිරවීමට පියවර ගෙන ඇති බවට පරිසරවේදීන් දැඩි ලෙස චෝදනා කර සිටිනවා.

කුඹුක් ගස් සංහාරය පිළිබඳව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලිස් පැමිණිල්ලක් ද යොමු කර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබෙන පසුබිමක වාරිමාර්ග නිලධාරීන් මෙලෙස කටයුතු කිරීම බරපතල සැකයකට තුඩුදෙන කරුණක් වී තිබෙනවා.

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ පරණ එළුවන්කුලම, නෙළුම්වැව මධ්‍යයේ පිහිටා තිබූ වසර සිය ගණනක් පැරණි දැවැන්ත කුඹුක් ගස් පද්ධතිය, පසුගිය දින කිහිපය තුළ සංවිධානාත්මක පිරිසක් විසින් ගිනි තබා මෙලෙස විනාශ කර තිබූ අතර, මේ වන විටත් මුළු වැව් පිටියම සොහොන් බිමක් ලෙස දක්නට ලැබෙනවා.

සියලු කුඹුක් ගස්වල මුල් ඉලක්ක කර ගනිමින් වෙන් වෙන් වශයෙන් ගිනි තබා තිබූ හෙයින්, මෙය සැලසුම්සහගතව සිදුකළ අපරාධයක් බවට විශ්වාස කරනවා.

මෙම විනාශය පිළිබඳව සැලවූ වහාම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙස වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

පොලිස් විමර්ශන පවා අවසන් නොමැති පසුබිමක කුඹුක් ගස් විනාශයේ සාක්ෂි වසා දැමීමට වාරිමාර්ග නිලධාරීන් කඩිමුඩියේ නෙළුම්වැවට වතුර පිරවීම පිළිබඳව පරිසරවේදීහු විශ්මය පළ කර සිටිනවා.

ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්ෂ 500ක් වැය කර මෙම වැව් බැම්ම ඉදි කළ ද, මෙම අඳබාල ක්‍රියාව නිසා යළිත් නෙළුම්වැවට බරපතල අවදානමක් මතුවී තිබෙනවා.

ලහි ලහියේ වැව පිරවීම හරහා වාරි බලධාරීන් උත්සාහ කරන්නේ සංවිධානාත්මක ලෙස විනාශ කළ කුඹුක් ගස් වැව් පතුලේ සැඟවීමටද යන්න පිළිබඳව හිරු සී.අයි.ඒ. ඉදිරියටත් නිරන්තර අවධානයෙන් පසුවනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top