හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඒ. එම්. ආර්. බී. අත්තනායක අභාවප්‍රාප්ත වෙයි.. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයාගේ අවසන් කටයුතු 19 වැනිදා..
Thursday, 17 September 2026 - 21:01 | Views - 41
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ඒ. එම්. ආර්. බී. අත්තනායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
 
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක සිට ක්‍රියාකාරී මෙහෙවරක නිරත වූ ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රජාව සිය කණගාටුව පළ කර සිටිනවා.

ජේ. ආර්. ජයවර්ධන රජය සමයේ උඩදුම්බර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ. එම්. ආර්. බී. අත්තනායක, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන සේවයක් ඉටු කළ මහජන නියෝජිතයෙක්.

ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය උදෙසා මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රගමනයට උන්වහන්සේ දැක්වූ දායකත්වය සදා අමරණීය වෙනවා.

දේහය පේරාදෙණිය, ඊරියගම, කොළඹ පාරේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක අද (17) පස්වරු 2.00 සිට සැප්තැම්බර් 19 සෙනසුරාදා පස්වරු 2.00 දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට කටයුතු යොදා තිබෙනවා.

අවසන් කටයුතු එළඹෙන 19 වන සෙනසුරාදා පස්වරු 4.00 ට මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top