දෙමටගොඩ කළු පාලම අසලදී වෙඩි තැබීමක්.. තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට..
දෙමටගොඩ ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය නිල වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.
දෙමටගොඩ, කළු පාලම ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ඉලක්ක කර ගනිමින් හදිසියේ එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් අදාළ රියැදුරු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.
තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේදීත් මියගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් වසම මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව සහ ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.