මෙරට සමස්ත මරණවලින් 80%කටම හේතුව බෝනොවෙන රෝග.. "ආරෝග්‍යා" සහ විශේෂිත ක්‍රමවේද හරහා රෝග පාලනයට පියවර..
Thursday, 17 September 2026 - 16:52 | Views - 32
මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව වී ඇත්තේ බෝනොවෙන රෝග (NCDs) බවත්, එම මරණ අතරින් ඉදිරියෙන්ම පවතින්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

මෙම රෝග දෙක එකිනෙක හා සම්බන්ධ වීමෙන් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය පද්ධතිය තුළ බරපතළ සංකූලතා රැසක් ඇති වන අතර, එහි දරුණුතම ප්‍රතිඵලය වන්නේ හෘදයාබාධ (MI) ඇති වීම බව ඔහු පෙන්වා දෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (16) පස්වරුවේ එක්වෙමින් ලේකම්වරයා මෙම කරුණු අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය දෙස බලන විට අධික රුධිර පීඩනයෙන් පෙළෙන පිරිසගෙන් සාර්ථක පාලනයක සිටින්නේ 50%ක් පමණක් බවත්, දියවැඩියා රෝගීන්ගෙන් නිසි පාලනයක සිටින්නේ 25%ක් වැනි කුඩා ප්‍රතිශතයක් පමණක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා සඳහන් කළා.

මෙම තත්ත්වය අද වන විට සමාජය තුළ විශාල ගැටලුවක් බවට පත්ව ඇති අතර, රට පුරා නවීන පහසුකම් ඇති කරන අතරම අපගේ සෞඛ්‍ය පද්ධතිය විසින් මෙරට ජනගහන ව්‍යුහය සහ රෝග තත්ත්වයන්ගේ ඇති වී තිබෙන වෙනස හඳුනාගෙන ඊට ගැලපෙන ක්‍රමවේදයන් සකස් කරගත යුතුව තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ප්‍රතිපත්තිවලට අනුව, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විටත් මෙවැනි දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එහි ප්‍රධාන කොටස් වන ආරෝග්‍යා (Arogya), Cluster Systems සහ High-End Care Institutions යන පද්ධතීන් අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගැලපෙන ලෙස සකස් කරගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම බෝනොවෙන රෝග පාලනය සඳහා ඉතා වැදගත් වෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top