වත්තල ''ශාරුක්ඛාන්''ගේ කෝටි 9කට අධික දේපළ තහනම් කෙරේ.. නීති විරෝධී වත්කම් කොට්ඨාසයෙන් දැවැන්ත මෙහෙයුමක්..
සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් ෆාදල්ඩීන් හෙවත් ''ශාරුක්ඛාන්'' නමැත්තාට අයත් රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් දේපළ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ ජාල වංචා විමර්ශන ඒකකය නිල වශයෙන් සඳහන් කර සිටිනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ විමර්ශනවලින් පසුව මෙලෙස ඔහුගේ දේපළ තහනම් කිරීමට කටයුතු කර ඇති බව එම ඒකකය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන්නෙක්.
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදවා ලබාගන්නා ලද අධි සුඛෝපභෝගී නිවාස 2ක් ඇතුළුව නිවාස හයක් සහ මෝටර් රථයක් ඇතුළු වටිනා දේපළ රැසක් මෙලෙස නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ නීතිමය පාලනයට නතු කරගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම හරහා නීති විරෝධී ලෙස වත්කම් රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද විමර්ශන අංශ වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.