මට්ටක්කුලිය මාරක අනතුරේ රියැදුරු රිමාන්ඩ්.. සැකකරු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරයට..
මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් සිදු වූ බිහිසුණු වාහන අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 52 හැවිරිදි මෝටර් රථ රියැදුරු ලබන (30) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකාර රියැදුරු අද (17) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළා.
මට්ටක්කුලිය - ෆර්ගියුෂන් මංසන්ධිය ප්‍රදේශයේදී සිදු වූ මෙම මාරක අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ රියැදුරු ගංජා භාවිත කර සිට ඇති බවට අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී තිබූ අතර, වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවල ගැටීමෙන් මෙම අවාසනාවන්ත විනාශය සිදුවුණා.
සිද්ධියෙන් පසු පොලිසියට භාර වූ සැකකරු මෙලෙස ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.