මට්ටක්කුලිය මාරක අනතුරේ රියැදුරු රිමාන්ඩ්.. සැකකරු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරයට..
Thursday, 17 September 2026 - 16:02 | Views - 46
මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් සිදු වූ බිහිසුණු වාහන අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 52 හැවිරිදි මෝටර් රථ රියැදුරු ලබන (30) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

සැකකාර රියැදුරු අද (17) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළා.

මට්ටක්කුලිය - ෆර්ගියුෂන් මංසන්ධිය ප්‍රදේශයේදී සිදු වූ මෙම මාරක අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ රියැදුරු ගංජා භාවිත කර සිට ඇති බවට අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී තිබූ අතර, වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවල ගැටීමෙන් මෙම අවාසනාවන්ත විනාශය සිදුවුණා.

සිද්ධියෙන් පසු පොලිසියට භාර වූ සැකකරු මෙලෙස ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top