පුංචි ලෝකාන්තයෙන් වැටුණු තරුණයාගේ සිරුර ගොඩගනී.. කමාන්ඩෝ භටයින්ගේ පැය ගණනක විශේෂ මෙහෙයුමක්..
Thursday, 17 September 2026 - 15:20 | Views - 50
උඩුදුම්බර 'පුංචි ලෝකාන්තය' නැරඹුම් මධ්‍යස්ථානයේ පිහිටි අගාධයකට වැටී මියගිය තරුණයෙකුගේ මෘතදේහය සාර්ථකව ගොඩගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ භට පිරිසක් සමත් වී තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැණික්හින්න, ලුණුකැඩියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු බව පොලිසිය සඳහන් කළා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන මෙම නැරඹුම් මධ්‍යස්ථානයේදී සිදු වූ අනතුර සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මධ්‍යම පළාත් කාර්යාලය වෙතින් ලද හදිසි දැනුම් දීමකට අනුව ක්‍රියාත්මක වූ යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 17 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් ඊයේ (16) දිනයේදී මෙම සෙවුම් මෙහෙයුම ආරම්භ කර තිබුණා.

එහිදී මීටර් 355ක් පමණ වන අතිශය ගැඹුරු ප්‍රපාතයකට වැටී තිබූ මෘතදේහය වෙත ඉතා දුෂ්කර කඳුකර භූමි ප්‍රදේශ හරහා ළඟා වූ කමාන්ඩෝ භට පිරිස්, විශේෂ මෙහෙයුම් ක්‍රමවේද භාවිත කරමින් සිරුර සොයා ගැනීමට කටයුතු කළා.

අනතුරුව, ඉදිරි නීතිමය කටයුතු සහ පරීක්ෂණ සපූරාලීම සඳහා එම මෘතදේහය උඩුදුම්බර පොලිසිය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top