යෞවනයන්ගේ Snapchat භාවිතය සීමා කරන්න සමාගමෙන් සූදානමක්.. සමාජ මාධ්‍ය භාවිතයට දිනකට පැය දෙකක සීමාවක්..
Thursday, 17 September 2026 - 14:35 | Views - 42
යෞවනයන් සඳහා Snapchat යෙදුම භාවිත කළ හැකි උපරිම කාල සීමාවක් පැනවීමට තම සමාගම සූදානමින් සිටින බව Snapchat හි මව් සමාගම වන Snap Inc. හි ප්‍රධාන විධායක නිලධාරී Evan Spiegel ප්‍රකාශ කළා.

තරුණ පරිශීලකයින් සඳහා මෙලෙස යෙදුම භාවිත කළ හැකි උපරිම කාලයක් නියම කිරීම සමස්ත සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේම සුබසිද්ධිය උදෙසා ගන්නා ඉතා වැදගත් පියවරක් විය හැකි බව BBC නාළිකාව සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර Meta Platforms සමාගම විසින්ද යෞවනයන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නව සීමා හඳුන්වාදීමට පියවර ගෙන ඇති අතර, එවැනි ක්‍රියාමාර්ග සඳහා අනෙකුත් සමාජ මාධ්‍ය සමාගම්ද එක්වන ලෙස එම සමාගම ඉල්ලා සිටිනවා.

Meta සමාගම අමෙරිකානු ප්‍රාන්ත සමග ඇති කරගත් ඩොලර් බිලියන ගණනක නීතිමය එකඟතාවයක කොටසක් ලෙස, යෞවන පරිශීලකයින් සඳහා දිනකට පැය දෙකක භාවිත සීමාවක් ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබෙනවා.

තම සමාගමද මෙම කරුණු පිළිබඳව අභ්‍යන්තරව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති නමුත්, එවැනි කාල සීමාවක් ක්‍රියාත්මක කරන නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ කළ නොහැකි බව Snapchat ප්‍රධානියා සඳහන් කළා.

කෙසේ වෙතත්, Snapchat හි පවතින Family Center පහසුකම හරහා දැනටමත් තම දරුවන් Snapchat භාවිත කරන ආකාරය පිළිබඳ ඇතැම් තොරතුරු නිරීක්ෂණය කිරීමට දෙමාපියන්ට අවස්ථාව සලසා දී ඇති බවද Spiegel වැඩිදුරටත් සඳහන් කළා.

Snapchat, Meta, YouTube සහ TikTok ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය වේදිකා රැසක් තරුණ පිරිස් සමාජ මාධ්‍ය භාවිතය නිසා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විවිධ නීතිමය ක්‍රියාමාර්ගවලටද මුහුණ දෙමින් සිටින බව වැඩිදුරටත් වාර්තා කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top