දේශීය වාහන වෙළෙඳපොළේ සුවිශේෂී වෙනසක්.. වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහතට..
Thursday, 17 September 2026 - 14:23 | Views - 58
දේශීය වෙළෙඳපොළේ පවතින වාහන මිල ගණන් සැලකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය නිල වශයෙන් ප්‍රකාශ කළා.

මෙම තත්ත්වයත් සමග ඉදිරි කාලසීමාව තුළ වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට යම් සහනයක් හිමිවනු ඇති බවට විශ්වාස කරනවා.

කොළඹදී ඊයේ (16) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මෙම තොරතුරු අනාවරණය කළා.

වෙළෙඳපොළේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ ඔහු, ඇතැම් වාහන මාදිලිවල මිල ගණන් රුපියල් ලක්ෂ 10 කින් පමණ පහළ බැස ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.

මෙලෙස වාහන මිල පහළ යාම හමුවේ පසුගිය කාලසීමාව පුරා අන්දමන්ද වී තිබූ දේශීය වාහන වෙළෙඳපොළ තුළ යම් සක්‍රීය භාවයක් සහ නව ප්‍රවණතාවයක් ඇතිවනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විශ්වාසය පළ කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top