දේශීය වාහන වෙළෙඳපොළේ සුවිශේෂී වෙනසක්.. වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහතට..
දේශීය වෙළෙඳපොළේ පවතින වාහන මිල ගණන් සැලකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය නිල වශයෙන් ප්‍රකාශ කළා.
මෙම තත්ත්වයත් සමග ඉදිරි කාලසීමාව තුළ වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට යම් සහනයක් හිමිවනු ඇති බවට විශ්වාස කරනවා.
කොළඹදී ඊයේ (16) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මෙම තොරතුරු අනාවරණය කළා.
වෙළෙඳපොළේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ ඔහු, ඇතැම් වාහන මාදිලිවල මිල ගණන් රුපියල් ලක්ෂ 10 කින් පමණ පහළ බැස ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.
මෙලෙස වාහන මිල පහළ යාම හමුවේ පසුගිය කාලසීමාව පුරා අන්දමන්ද වී තිබූ දේශීය වාහන වෙළෙඳපොළ තුළ යම් සක්‍රීය භාවයක් සහ නව ප්‍රවණතාවයක් ඇතිවනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විශ්වාසය පළ කර සිටිනවා.