සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ජාතික නායකයා.. අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වැනි ජන්ම දිනය අදයි..
Thursday, 17 September 2026 - 14:11 | Views - 59
සිංහල බෞද්ධ ජනතාව නඟා සිටුවමින් ශ්‍රේෂ්ඨ ජාතියක් සහ ප්‍රබුද්ධ සමාජයක් බිහි කිරීම වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වැනි ජන්ම දින සමරුව අදට (17) යෙදී තිබෙනවා.

මෙරට ජාතික සහ ආගමික පුනරුදය උදෙසා උදාර මෙහෙවරක් ඉටුකළ උන්වහන්සේ, මෙරට පහළ වූ අසමසම ජාතික නායකයෙකු ලෙස සදා අමරණීය වෙනවා.

විශේෂයෙන්ම ඉන්දියාවේ බුද්ධගයාව වැනි අතිපූජනීය ස්ථාන බෞද්ධයන්ට අහිමි වී තිබූ වටපිටාවක, එම ස්ථානවලට බෞද්ධ ජනතාවට ප්‍රවේශවීමේ අයිතිය සහ නීතිමය ආරක්ෂාව තහවුරු කර දීමට උන්වහන්සේ ඉටුකළ දැවැන්ත කාර්යභාරය ලෝකවාසී සමස්ත බෞද්ධයන්ගේම නිරන්තර ගෞරවාදරයට පාත්‍ර වන කරුණක්.

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර තලයේදී පවා බෞද්ධ උරුමය රැකගැනීම වෙනුවෙන් උන්වහන්සේ නොපසුබට උත්සාහයක නිරත වුණා.

1864 සැප්තැම්බර් 17 වැනිදා දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස උපත ලැබූ ධර්මපාලතුමන්, පසුකාලීනව සසඳන විට අනගාරික වෘතය සමාදන් වෙමින් ජාතික සහ ආගමික සේවයට කැපවූ අතර සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවම දැඩි සංවේගයට පත් කරමින් 1933 අප්‍රේල් 29 වැනිදා දැයෙන් සමුගත්තා.

උන්වහන්සේ තැබූ ජාතික චින්තන මඟ පෙන්වීම අදටත් අප රටට මහඟු ආලෝකයක්..
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top