සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ජාතික නායකයා.. අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වැනි ජන්ම දිනය අදයි..
සිංහල බෞද්ධ ජනතාව නඟා සිටුවමින් ශ්‍රේෂ්ඨ ජාතියක් සහ ප්‍රබුද්ධ සමාජයක් බිහි කිරීම වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වැනි ජන්ම දින සමරුව අදට (17) යෙදී තිබෙනවා.
මෙරට ජාතික සහ ආගමික පුනරුදය උදෙසා උදාර මෙහෙවරක් ඉටුකළ උන්වහන්සේ, මෙරට පහළ වූ අසමසම ජාතික නායකයෙකු ලෙස සදා අමරණීය වෙනවා.
විශේෂයෙන්ම ඉන්දියාවේ බුද්ධගයාව වැනි අතිපූජනීය ස්ථාන බෞද්ධයන්ට අහිමි වී තිබූ වටපිටාවක, එම ස්ථානවලට බෞද්ධ ජනතාවට ප්‍රවේශවීමේ අයිතිය සහ නීතිමය ආරක්ෂාව තහවුරු කර දීමට උන්වහන්සේ ඉටුකළ දැවැන්ත කාර්යභාරය ලෝකවාසී සමස්ත බෞද්ධයන්ගේම නිරන්තර ගෞරවාදරයට පාත්‍ර වන කරුණක්.
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර තලයේදී පවා බෞද්ධ උරුමය රැකගැනීම වෙනුවෙන් උන්වහන්සේ නොපසුබට උත්සාහයක නිරත වුණා.
1864 සැප්තැම්බර් 17 වැනිදා දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස උපත ලැබූ ධර්මපාලතුමන්, පසුකාලීනව සසඳන විට අනගාරික වෘතය සමාදන් වෙමින් ජාතික සහ ආගමික සේවයට කැපවූ අතර සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවම දැඩි සංවේගයට පත් කරමින් 1933 අප්‍රේල් 29 වැනිදා දැයෙන් සමුගත්තා.
උන්වහන්සේ තැබූ ජාතික චින්තන මඟ පෙන්වීම අදටත් අප රටට මහඟු ආලෝකයක්..