මේ දේවල් 5 ගැනනම් කවදාවත් ඔයාලා ‍ෆේස්බුක් එකේ දාන්න එපා
Sunday, 23 April 2017 - 8:34 | Views - 31,518
ෆේස්බුක් කියන්නේ අද කාලෙ වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්. මේ සමාජ ජාල වෙබ් අඩවිය තුල අපි හැමෝම වගේ නොයෙකුත් ඡායාරූප, වීඩියෝ, සටහන්, එක්කර මිතුරන් අතරේ බෙදාහරිනවා.

ඒත් ඔබ දැනුවත්ද ඔබේ ෆේස්බුක් ගිණුම තුල නොදැමිය යුතු කරුණු 5 ක් ගැන.. මේ කියන්න යන්නේ ඒ කරුණු.

ඔබත් මේ දේවල් ඔබේ Profile එක් දාලා තියෙනවනම් අදම ඉවත්කර ගන්න.

1. ඔබේ නිවසේ ලිපිනය

මේ කාරණය ගැන ඔයාලා ගොඩක් සැලකිළිමත් වෙන්න ඕන. කවදාකවත් ඔයා පදිංචි ස්ථානයේ ලිපිනය ඔයාගෙ ෆේස්බුක් ගිණුමට ඇතුලත් කරන්න එපා. ඔබගේ නිවසේ ලිපිනය හොයාගෙන හොරෙකුට වූවද ඔබ නිවස පහසුවෙන් සොයාගැනීමට හැකිවෙනවා.

2. දුර බැහැර ගමන් යනබව ඔබ කලින් පවසා Facebook Status දාන්න එපා

ඔබ දින කීපයක් විනෝද චාරිකාවක් සඳහා නිවසින් පිටත්වන බව කලින්  ‍ෆේස්බුක් ගිණුම තුල පැවසීමෙන් වලකින්න.

හොඳම දේ තමයි ඔබ ගමන ගිහින් නැවත පැමිණ එහි ඡායාරූප  ‍ෆේස්බුක් ගිණුමේ පළ කර මිතුරන් දැනුවත් කිරීමයි.

නැතිනම් කවුරුත් නැති ඔබ නිවස පහසුවෙන් සොර සතුරන්ගේ ගෙදුරු බවට පත්වෙයි.

3. ඔබේ දරුවන්ගේ තොරතුරු ෆේස්බුක් ගිණුමට ඇතුලත් කිරීමෙන් වලකින්න.

ඔබේ දරුවන්ගේ සැබෑ නම්, ඔවුන් ඉගෙනුම ලබන පාසැල් පිළිබඳව කවදාවත් ඔබේ ෆේස්බුක් ගිණුමට ඇතුලත් කරන්න එපා. දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ලබාගන්න බලන් ඉන්න හොරුන්ට මෙය පහසු ක්‍රමයක් වෙනවා. ඒවගේම කුඩා දරුවන්ගේ ඡායාරූප ඔබේ ෆේස්බුක් ගිණුමට එක්කිරීමෙන් වලකින්න. කුඩා දරුවන්ගේ මෙවැනි ඡායාරූප වලින් තම විකෘර්ති ආශාවන් සංසිඳුවා ගන්නා මිණිසුන්ට ඔබේ දරුවාගේ දර්ශන ලබාදිය යුතුද නැද්ද යන්න ඔබම සිතාබලන්න.

4. ඔබ රැකියා කරන ස්ථානයේ අයිති කරුවාට විරුද්ධව සිදුකරන ප්‍රකාශ

නොයෙකුත් දෙනාට තම රැකියා සිදුකරණ ස්ථානයේ අයිති කරු සමඟ එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට ගොඩක් අය කරන්නේ ෆේස්බුක් එකේ ලොකු Status එකක් දාලා තමන්ගේ හිතේ තියෙන කේන්තිය ආවේගය පිටකරලා දාන එක. ඒත් ඔබ සිදු කරන එම ක්‍රියාවලින් ඔබට කිසිදා යහපතක් නම් වෙන්නේ නෑ. මොකද අද ඔබ සේවය කරන ස්ථානයේ අයිති කරුවා සහ එහි පහළ පිරිසිදු කිරීමේ සේවකයා දක්වාම ෆේස්බුක් ගිණුම් භාවිතා කරනවා. ඉතින් ඔබේ ආවේගශීලි ප්‍රකාශ ඔබ හිතනවාට වඩා ගොඩක් ලොකු පිරිසකට ලඟාවෙනවා. මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් ඔබේ රැකියාව පවා නැතිවීමට ඉඩ තිබේ.

5. ඔබේ ආගමික හෝ දේශපාලන මතවාද

ඔබ කුමන ආගමකට අයත් වූවත් කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කරත් කවදාවත් ඔබේ මතයන් ඔබේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමතුල ප්‍රකාශ කරන්න එපා.

ඉතින් මෙන්න මේ දේවල් ඔබත් ඔබේ  ෆේස්බුක් ගිණුමට ඇතුලත් කරනවනම් දෙවරක් සිතන්න.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top