නාමල් අධිකරණයට රැගෙන ඒම හේතුවෙන් කොටුව අධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ..
Wednesday, 16 September 2026 - 12:22 | Views - 39
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද(16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නඩුකරය අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
ඒ අනුව අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව වැඩි කර ඇති බව සඳහන්.
Share This Article