ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට.. සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා විශේෂ වැඩසටහන් රැසක්..
Tuesday, 15 September 2026 - 16:47 | Views - 32
එළඹෙන සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 01 වනදා දක්වා කාලය 'ළමා දින ජාතික සතිය - 2026' ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ ඊට සමගාමීව දිවයින පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිවුණා.

දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය ශක්තිමත් කිරීමේ ප්‍රධාන අරමුණින් සෑම වසරකම ඔක්තෝබර් 01 වනදා ශ්‍රී ලංකාව තුළ ජාතික ළමා දිනය සැමරීම සිදු කළා.

කෙසේ වෙතත්, වර්තමානයේ දරුවන් මුහුණ දෙන අභියෝග සාම්ප්‍රදායික ළමා ආරක්ෂණ ගැටලුවලින් ඔබ්බට ගොස් අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිත අවදානම්, මානසික හා සමාජීය පීඩන, නොසලකා හැරීම් මෙන්ම විවිධ සමාජීය හා ආර්ථික අවදානම් තත්ත්වයන් දක්වා පුළුල් වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

එබැවින් දරුවන් පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන්, සේවා සපයන්නන් සහ පොදු මහජනතාව ඇතුළු දරුවන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන සියලු පාර්ශ්වයන්ගේ ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් හඳුනාගෙන තිබෙනවා.

ළමා අයිතිවාසිකම් පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම, දරුවන් පිළිබඳ සමාජ සංවේදීතාව වර්ධනය කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා ප්‍රජා සහභාගීත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙවර ජාතික ළමා දින සැමරුමට සමගාමීව මෙම ජාතික සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top