සැප්තැම්බර් අස්වැසුම හෙට ගිණුම්වලට.. ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12කට වැඩි පිරිසකට සහනයක්..
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක දීමනාව හෙට (16) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම බැර කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කළා.
ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලබා සිටින ප්‍රතිලාභී පවුල් 999,053ක් වෙනුවෙන් රුපියල් නවබිලියන එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක (රු. 9,181,696,250) අතිවිශාල මුදලක් හෙට දිනයේදී බැංකු ගිණුම් වෙත තැන්පත් කිරීමට නියමිතයි.
මීට අමතරව, අස්වැසුම දෙවන අදියර යටතේ ලියාපදිංචි වී සිටින ප්‍රතිලාභී පවුල් 213,335කට අදාළ මුදල් අනිද්දා දින ගිණුම් වෙත බැර කෙරෙන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
මෙමගින් දිවයින පුරා සිටින අසරණ සහ අඩු ආදායම්ලාභී පවුල් රැසකට සිය දෛනික අවශ්‍යතා සපුරා කරගැනීම වෙනුවෙන් දැවැන්ත මූල්‍යමය සහනයක් හිමිවෙනවා.