වැසිත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්.. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක විශේෂ මෙහෙයුමක්..
Tuesday, 15 September 2026 - 14:04 | Views - 27
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයින පුරා යළිත් ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් මතුවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර අනතුරු අඟවා තිබෙනවා.

මේ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන පළාත් කිහිපයක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් තුළ විශේෂ ඩෙංගු මර්දන සතියක් ඊයේ (14) සිට නිල වශයෙන් ආරම්භ කළ අතර එය ලබන 19 වැනිදා දක්වා පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

සෞඛ්‍ය අංශ මගින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,634 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදු වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 74ක් ලෙසයි සටහන් වුණා.

මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යන රෝගීන් සංඛ්‍යාව හමුවේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් තම පරිසරය පිරිසිදුව තබාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම නේවාසික පරිශ්‍රයන් තුළ ජලය රැඳෙන ස්ථාන නිරන්තරයෙන් නිරීක්ෂණය කර විනාශ කිරීම මගින් ඉදිරි දිනවලදී ඩෙංගු ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවනු ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top