ප්‍රවාහන ලේකම් සහ දුම්රිය වෘත්තීය සමිති අතර සාකච්ඡා අසාර්ථකයි.. සැප්තැම්බර් 17, 18 සංකේත වැඩ වර්ජනය ස්ථිරයි..
Monday, 14 September 2026 - 19:29 | Views - 30
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් නොලැබීම හේතුවෙන්, එළඹෙන සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනයේ තීරණය කිසිදු වෙනසකින් තොරව පවතින බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වූ අතර එහිදී මෙම ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා.

එම සාකච්ඡාවේදී දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලන හා මෙහෙයුම් ගැටලු, සේවකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු මෙන්ම මගී ජනතාවට බලපා ඇති සේවා බිඳවැටීම් සම්බන්ධයෙන්ද වෘත්තීය සමිති නියෝජිතයින් කරුණු ඉදිරිපත් කර සිටියා.

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනය සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව පෙන්වා දෙමින්, ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම තම ප්‍රධාන ඉල්ලීම බව වෘත්තීය සමිති නැවතත් අවධාරණය කළා.

කෙසේ වෙතත්, සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවදුරටත් කාලය අවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සාකච්ඡාවේදී දැනුම් දී ඇති නමුත් වසර දෙකකට ආසන්න කාලයක් පුරා මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් ලබාදී ඇති බව පවසමින් වෘත්තීය සමිති එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම, දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනැගීම, කාර්යක්ෂම හා විශ්වාසදායක දුම්රිය සේවාවක් ස්ථාපිත කිරීම සහ මගී ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීම තම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අරමුණ බවද වෘත්තීය සමිති මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා වෙත නිදහසට කරුණු විමසමින් ලිපියක් නිකුත් කිරීම නිවැරදි ක්‍රියාමාර්ගයක් නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සාකච්ඡාවේදී පිළිගෙන ඇති බවද සඳහන් වුණා.

කෙසේ වෙතත් සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධයෙන් පිළිගත හැකි තීරණයක් නොලැබුණහොත්, පෙර තීරණය කළ පරිදි සැප්තැම්බර් 17 සහ 18 දෙදින සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත්, අද පැවති සාකච්ඡාව කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වූ බවත් ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති වැඩිදුරටත් දැනුම් දෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top