පොල් අස්වැන්නේ ක්ෂණික අඩුවීමක්.. පවතින තත්ත්වයට සූදානම් වන හැටි පොල් වගා මණ්ඩලය කියයි..
වාර්ෂික පොල් අස්වැන්න මෙම වසරේ මුල් මාස 06 තුළදී සියයට 24ක කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කළද, මේ වන විට දිවයින පුරා පොල් අස්වැන්නේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව පොල් වගාකිරීමේ මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.
ඉදිරියේදී යම් හෙයකින් පොල් ඵලදාවෙහි ප්‍රමාණාත්මක අඩුවීමක් සිදු වුවහොත් පාරිභෝගිකයාට සහ වෙළඳපොළට ඉන් සිදුවන බලපෑම අවම කරගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ව වැඩපිළිවෙලවල් සහ විශේෂ සැලසුම් මේ වන විටත් දියත් කර ඇති බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි වැඩිදුරටත් සඳහන් කළා.
පොල් වගාවේ ඵලදාව අඩුවීමට බලපා ඇති හේතු හඳුනාගනිමින් වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික හා උපදේශන සහාය ලබාදීමටත්, ඉදිරි කාලයේදී පොල් සැපයුම නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් වෙළඳපොළ ස්ථාවරව පවත්වා ගැනීමටත් අදාළ බලධාරීන් කටයුතු යොදමින් සිටිනවා.