ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්.. පළාත් 5කට සහ දිස්ත්‍රික්ක 4කට කාලගුණයෙන් රතු එළියක්..
Sunday, 13 September 2026 - 15:27 | Views - 38
දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලටත්, වවුනියාව, මන්නාරම, මුලතිව් සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම, උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සහ එළිමහනේ රැඳී සිටීමේදී වැඩි අවධානයකින් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article