ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් අද අනුරාධපුරයේදී දැවැන්ත ජන රැලි දෙකක්.. ‘අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි’ තේමාවෙන් රැලි මාලාවක්..
‘අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි’ යන කාලීන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත ජන රැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැලි දෙකක් අද (13) පස්වරුවේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ මෙම ජන රැලි ද්විත්වය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය සහ නොච්චියාගම සිංහාරගම යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මේ අනුව, ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ ජන රැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමු රැස්වීම අද පස්වරු 2.00ට කහටගස්දිගිලිය සති පොළ භූමියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
අනතුරුව, එදිනම පස්වරු 4.00 ට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් දෙවැනි ජන රැස්වීම පැවැත්වීමට නියමිතයි.
පවතින රජය වසර දෙකක කාලයක් තුළ ලබාගත් ජයග්‍රහණ සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම ජන රැලි මාලාවේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.