බාගෙට වළ දැමූ මළ සිරුරක් දිවුලපිටියෙන් හමුවෙයි.. හිස වෙනම තිබී හමු වූ සිරුර නිසා මුළු ප්‍රදේශයම කැළඹෙයි.
දිවුලපිටිය, කුඩගම්මන ප්‍රදේශයේ පිහිටි වත්තක තිබී බාගෙට වළ දැමූ අබිරහස් පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන ඇති බව දිවුලපිටිය පොලිසිය මගින් තහවුරු කර සිටිනවා.
ප්‍රදේශයේ ගමන් කළ පුද්ගලයෙකු විසින් මෙම අඩක් වළදමා තිබූ මළ සිරුර දැක ඒ පිළිබඳව වහාම දිවුලපිටිය පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
එම තොරතුරට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානය වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහිදී සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරීමේදී මළ සිරුරේ හිස කොටස ශරීරයෙන් වෙන්ව වෙනම තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.
එමෙන්ම සිරුර හමු වූ ස්ථානයේ වැටී තිබූ මුදල් නෝට්ටු කිහිපයක් සහ ටොෆි වර්ගයක්ද නිරීක්ෂණය වූ බවයි පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් සඳහන් කළා.
මෙම ඝාතනය කුමන හේතුවක් මත, කවුරුන් විසින් සිදු කළේද යන්න මෙන්ම මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා දිවුලපිටිය පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සක්‍රීයව සිදුකරගෙන යනු ලබනවා.