ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් අභිනව රන් කරඬුවක් පූජා කෙරේ.. කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04ක්..
Friday, 11 September 2026 - 19:05 | Views - 27
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කරන ලද ස්වර්ණමය මහ කරඬුවක් උතුම් දළදා වහන්සේ උදෙසා පූජා කොට ඇති අතර, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවට අනුව මෙම මහ කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04ක්.

එහි රත්තරන් කිලෝග්‍රෑම් 65.224ක්, විවිධ මැණික් ගල් කිලෝග්‍රෑම් 1.480ක් සහ පැස්සුම් සඳහා භාවිත කළ උපකාරක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.822ක් අඩංගු බව මල්වතු මහා නා හිමි, අස්ගිරි මහා නා හිමි සහ දියවඩන නිලමේවරයා විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් මඟින් දන්වා තිබෙනවා.

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම පිණිස අභිනවයෙන් පූජා කළ මෙම ස්වර්ණමය මහ කරඬුව සම්බන්ධයෙන් සමාජගත වන විවිධ සාවද්‍ය තොරතුරු පැහැදිලි කරමින් මෙම ලිපිය යොමුකර ඇති අතර, මෙම පූජා කර්මය 2026 සැප්තැම්බර් 08 වන දින මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා, දියවඩන නිලමේතුමා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුකිරීමට නියමිතයි.

ඇතුල්කෝට්ටේ පදිංචි කමන්ත අමරසේකර ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතෛෂීන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සහ මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුමැතිය ඇතිව මෙම කරඬුව අලංකාරවත් අයුරින් නිර්මාණය කර තිබෙනවා.

මීට අමතරව, දෙවැනි විමලධර්මසූරිය රජු විසින් ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සම්පූර්ණ කරන ලද, සුවිශේෂී ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි රන් ආලේපිත රිදී මහ කරඬුව එහි අනන්‍යතාව සුරැකෙන පරිදි ශ්‍රී දළදා මාලිගාවේ අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගනිමින් පවතිනවා.

1853 ආඥා පත්‍රය ප්‍රකාරව ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව, තේවාව සහ සියලු අයිතිවාසිකම් උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇති අතර, ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ පවතින සුවිශේෂී ගෞරවය හා භක්ත්‍යාදරය ලෝකවාසි ජනතාව හමුවේ තහවුරු කිරීම මෙම පූජාවේ ප්‍රධාන පරමාර්ථය වී ඇති බවද එම නිල ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top