දෙහිවල සිසුන් දෙදෙනාගේ දිවි තොර කළ අත්බෝම්බ ප්‍රහාරය.. වැරදි ඉලක්කයකට එල්ල වූවක් බවට හෙළිවෙයි..
Friday, 11 September 2026 - 18:44 | Views - 35

දෙහිවල, සිරිසගබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) උදෑසන එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් මුල් කරගනිමින් සිදු වූ අමානුෂික අපරාධයක් බව පොලිසිය ප්‍රකාශ කළා.
මෙම අවාසනාවන්ත ප්‍රහාරයෙන් අහිංසක පාසල් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ඔවුන්ගේ පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයාගේ සහෝදරයා, 'බඩෝවිට අසංක' නැමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ජාලයේ සාමාජිකයෙකු බව සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
එසේම, මෙම අත්බෝම්බ ප්‍රහාරය විදේශගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කොස්මල්ලි' නැමැත්තාගේ මෙහෙයවීම මත සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කළා.
පාතාල කල්ලි දෙකක් අතර පවතින වෛරය සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ආරවුලක් හේතුවෙන් එල්ල කළ මෙම ප්‍රහාරයේ සැබෑ ඉලක්කය වැරදී අහිංසක දරුවන් දෙදෙනෙකුගේ ජීවිත මෙලෙස අවාසනාවන්ත ලෙස අහිමි වී තිබීම මුළු ප්‍රදේශයම දැඩි කම්පනයට පත් කිරීමට හේතු වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ අත්බෝම්බය එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා දැවැන්ත විමර්ශනයක් සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article